යුරෝපයේ රැකියා ලබා දෙන බවට රුපියල් මිලියන 10කට අධික මුදලක් වංචා කළ බව කියන ඒජන්සි හිමිකරු අත්අඩංගුවට

යුරෝපා රටවල රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන 55 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිලි 7ක් මත කොළඹ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු කොළඹ 05 ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එංගලන්තය, පෝලන්තය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි සහතිකයක් ලබාගෙන නොමැති බවද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *