යුද හමුදා නියෝජ්‍ය යුද හමුදායුද හමුදා ප්‍රධානී වැඩ අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ මහතා යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ.

එම ධුරයේ වැඩ භාරගැනීමට පෙර ජෙනරාල් සී ඩී රණසිංහ මහතා වන්නි ආඥාපති ධුරය හෙබවූයේය.

2009 වර්ෂයට පෙර උතුරු නැගෙනහිර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදී ජෙනරාල් සී ඩී රණසිංහ මහතා 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධුරය හොබවනු ලැබීය.

පන්නිපිට්ය ධර්මපාල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1987 වර්ෂයේදී කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *