යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජාතික වැදගත්කමක් ඇති මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අවශ්‍යතාව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළාය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් දැනටමත් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් නොවැම්බර් 27 වනදා සලකා බලන ලෙස බුවනෙක අලුවිහාරේ, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *