යුක්රේන ආක්‍රමණය සම්බන්දයෙන් ඉන්දීය අගමැති පුටින්ට කතා කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අමතා යුක්රේනයේ ඊයේ උදෑසන ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලා සිටියේය. සංවාදය ඇති වූයේ මැදිහත්වීම සඳහා යුක්රේනය ඉන්දියාවට කළ හදිසි ආයාචනයෙන් පැය කිහිපයකට පසුවය.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, “රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයේ මාවතට නැවත පැමිණීමට සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයන්” සඳහා අගමැති මෝදි ඉල්ලා සිටි බවයි.

“රුසියාව සහ නේටෝ කණ්ඩායම අතර ඇති වෙනස්කම් විසඳිය හැක්කේ අවංක සංවාදයකින් පමණක් බව” ඔහුගේ දිගුකාලීන විශ්වාසය ඔහු නැවත අවධාරණය කළේය.

යුක්රේනය සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ජනාධිපති පුටින් අගමැති මෝදි දැනුවත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා යුක්රේනයේ සිටින ඉන්දීය පුරවැසියන්ගේ, විශේෂයෙන්ම සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන සැලකිල්ල පිළිබඳව ද සාකච්ඡා කළේය. ඉන්දියාව, ඔවුන්ගේ ආරක්ෂිත පිටවීම සහ ආපසු පැමිණීම සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව ඔහු පැවසීය.

“දේශීය උනන්දුවක් දක්වන ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් නිරන්තර සම්බන්ධතා පවත්වා ගෙන යන බවට නායකයින් එකඟ වූහ” යනුවෙන් ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කළේය.

පැරනි සෝවියට් ජනරජය නේටෝවට සමීප වීම සම්බන්ධයෙන් මාස ගනනාවක ආතතියෙන් පසුව රුසියාව ඊයේ යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *