යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා පවසයි.
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික වාට්ටු කිහිපයක්ම ගංවතුර තර්ජනයකට ලක්ව තිබෙන අතර වාට්ටුතුලට ජලය ගලා ඒම හේතුවෙන් කාර්ය මණ්ඩලයන් මෙන්ම රෝගීන්ද දැඩි පීඩාවන්ට පත්ව සිටිති.
නේවාසිකාගාර කිහිපයක්ද ජලයෙන් යටවීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ රාජකාරි කටයුතුවලට ද දැඩි බාධාවක් වී ඇත.
ශල්‍යකර්ම ආදි ප්‍රතිකාර කටයුතු සඳහාද වර්ෂාව මෙන්ම ඇතිව තිබෙන ගංවතුර තත්වය දැඩි බලපෑමක් එල්ල කොට ඇතැයිද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.