කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, වෘත්තීය වශයෙන් යාචකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.
ඒ අනුව කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් සැරිසරන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31) සිට ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පවසයි.
මෙම මෙහෙයුම දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.