“යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා” – විපක්ෂ නායක

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින්  පැවසීය.

“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.

ව්‍යවස්ථාදායක නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.

හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට අපට සිදුවුණා.මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.අපට අවශ්‍ය ස්ථාවර රටක්.

නාමල් රාජපක්ෂ මහතා:-

කෙටි කලකදී දේශපාලනයේ දුරක් යාමට හැකි වීම පිළිබඳව ඔබට සුබ පතනවා.ඉදිරියේදී සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගනිමින් ජනතා ගැටලු වලට විසඳුම් සෙවීමට හැකි මධ්‍යස්ථ මෙහෙයවීම අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *