කාබන් බද්දට කරන්න යන දේ ගැන සජිත් කියයි

තමා ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කාබන් බද්ද අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති ජනහමුවකදීය.
ජනතාව බදු බරින් පීඩනයට පත්ව ඇති බවත් ඔවුන්ට ඔක්සිජන් සැපයිය යුතු බවත් ඔහු කීවේය. එබැවින් කාබන් බද්ද ඉවත් කර ජනතාවට සහනය ගෙන එන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ මෙම කාබන් බද්ද පැනවුණු අතර මේ හේතුවෙන් වාහන හිමිකරුවන් බොහෝ අපහසුතාවයට පත්විය. දුම් සහතිකයක් අනිවාර්‍ය කර එයිනුත් මුදල් ලබාගන්නා රජය කාබන් බද්දකින්ද වාහන හිමියන් සූරාකන බවට පසුගිය දිනවල දැඩිව චෝදනාවට ලක්විය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැල්ල එන්.එම් පෙරේරා අනුස්මරණ ශාලාවේ පැවති ජනහමුවකටද සහභාගී වූ අතර රතිඤ්ඤා දැල්වීමෙන් හටගත් දුම හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයා ඇතුළු වේදිකාවේ අසුන්ගෙන සිටි පිරිස අපහසුතාවයට පත්ව සිටින අයුරු දක්නට ලැබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *