දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි 14ක් සොරකම් කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙකු කටුනායක පොලිසිය විසින් සෙනසුරාදා (19) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කුරුණෑගල, වැල්ලව, පොතුහර, නිට්ටඹුව, වැලිවේරිය, වරකාපොළ, ජා-ඇල, වේයන්ගොඩ, පාලියගොඩ ප්‍රදේශවලින් සොරාගත් යතුරුපැදි 14ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.
සැකකරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඔහු අද (20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.