මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික් ප්රාදේශීය කාර්යාලයේදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවාව අද පෙරවරුවේ ආරම්භ කර තිබේ. මීට සමගාමීව යාපනය, හම්බන්තොට, අනුරාධපුරය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ද මෙම සේවාව හඳුන්වා දී ඇත.
ගම්පහ ප්රාදේශීය කාර්යාලයේ පැවැත්වෙන සමාරම්භක උත්සවය පෙරවරු 9.00ත් 9.30ත් අතර කාලයේදී මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම නව සේවාව හරහා දිස්ත්රික්ක පහේ පදිංචිකරුවන්ට අදාළ ප්රාදේශීය කාර්යාලවලින්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය වෙත ගමන් කිරීමේ අවශ්යතාව ද අඩු වනු ඇත.


