මොහු ගැන දන්නවා නම් කඩිනමින් දැනුම්දෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී හරක් කටා ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් සිටි අවස්ථාවේදී ඔහුව වැසිකිළිය වෙත රැගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව සිටී.

මෙලෙස අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඒ අනුව පහත ඡායාරූපයේ දැක්වෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071-8591774 හෝ 0718594929 වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වැසිකිළියට ගිය “හරක් කටා” පිටතට පැමිණ ඇත්තේ තම අත්වලට මාංචු දමා ඇති බවට රඟපෑමක් සිදු කරමිනි.

එම අවස්ථාවේදී ක්ෂණයෙන් ක්‍රියාක්මක වූ “හරක් කටා” සිය ආරක්ෂාවට සිටි එස්.ටී.එෆ් නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර තිබේ.

කෙසේවෙතත් දෙදෙනා අතර පොරබැදීම සිදුවන අතරතුර “හරක් කටා” විසින් ඔහු සතු අගුළු විවරව තිබූ අත් මාංචු යුගළ එස්.ටී.එෆ් නිලධාරියාට දැමීමට උත්සාහ කර තිබුණි.

එම සිදුවීම වන අතරවාරයේ අදාළ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයෙන් දිවගොස් 4 වැනි මහළට පැමිණ, සිය ජංගම දුරකථනය වෙනුවට වෙනත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ජංගම දුරකථනයක් රැගෙන පළාගොස් තිබේ.

අනතුරුව ඉහළ මහළෙන් එස්.ටි.එෆ් නිලධාරියාගේ කෑගසන ශබ්දය ඇසිමත් සමග එහි ගිය නිලධාරීන්  “හරක් කටා” මෙල්ල කර සිය භාරයට ගැනීමට සමත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *