මොස්කව් හි පිපිරීමකින් හමුදා ජෙනරාල්වරයෙක් මරුට

මොස්කව්හි රථවහාන ගාල තිබූ හමුදා ප්‍රධානියකු ටයත්  මෝටර් රථය අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් රුසියානු ජෙනරාල්වරයකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ අගනුවරට දකුණින් පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල රථගාලක පිහිටි මෝටර් රථයේ යට අටවා තිබූ පුපුරණ ද්‍රව්‍යයක් අද  උදෑසන  පුපුරුවා හැරීමෙන් ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මිය ගිය බව රුසියාවේ විමර්ශන කමිටුව පැවසු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

56 හැවිරිදි සර්වරොව් සන්නද්ධ හමුදාවන්ගේ මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම සිදුවීම වු ස්ථානයේ විමර්ශන කටයුතු සිදුවෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *