එසේම මොනරාගල නගරය ආශ්‍රිතව වෙළෙඳසැල් හා බැංකු ආශ්‍රිතව කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලට අනුව කොවිඩ් ආසාධිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමගම පවතින කොවිඩ් අවදානම පාලනය සඳහා නැවත දැනුම් දෙනතුරු නගරය තුල සංචරණ සීමා පැනවීමට තීරණය කළ බැව් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා සඳහන් කර සිටියි.
සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙසටයි.
මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 175ක් හඳුනා ගෙන ඇති අතර 400ක පිරිසක් නිරෝධායනය කර තිබේ.
මේ අතර කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදෙකලා නීතිය ලබන 18 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. ඒ කාත්තන්කුඩි ප්‍රදේශය ආශ්‍රිතව මේ වනවිට වාර්තා වන ආසාධිතයින් ප්‍රමාණය සැලකිල්ලට ගෙනයි.