පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිතාසි නිකුත් කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම විභාග කිරීමෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා ඉවත් වී තිබේ.
අභියාචනාධිකරණ (සභාපති) විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කළේ මෙම නඩුව විභාග කිරීම සඳහා නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික ඉද්දවෙල විනිසුරුවරයා මෙම පෙත්සම විභාග කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ අනුව මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝබර් 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීමට නියම කෙරිණි.
අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ හෝ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියේය.
2022 ඔක්‌තෝබර් 14 වැනිදා අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් දැමීමට නියෝගයක් නිකුත් කළ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය සති 10කට කල් දැමීමට අභියාචනාධිකරණය තවදුරටත් තීරණය කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලකට සහ පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු සහ ජේසුරාජ් ගනේෂන් පියතුමාට 2022 ඔක්තෝම්බර් 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා. නොසැලකිලිමත්කම හේතුවෙන් මරණ සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඉරිදා ප්‍රහාරය මහේස්ත්‍රාත් අධිකරණයට පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
නීතීඥ කීර්ති තිලකරත්න මහතා සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් නීතීඥ තේජිත කෝරළගේ, තිළිණ පුංචිහේවා, හිමාෂ සිල්වා සහ උදාර මුහන්දිරම්ගේ සමඟ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න පෙනී සිටියහ.