මෛත්‍රීට දුන් වාරණ නියෝගය අධිකරණය අවලංගු කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අවලංගු කිරීමට කොළඹ දිසා අධිකරණය ඊයේ තීරණය කළේය.

ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යැවූ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය මීට පෙර වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතීඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ නඩුවට අදාළ කරුණු වසන් කරමින් මෙම නියෝගය ලබාගෙන ඇති බව පවසමින් වාරණ නියෝගය විසුරුවා හරින ලෙසයි.

කරුණු සැලකිල්ලට ගත් කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරී මණ්ඩලයට නිකුත් කර තිබූ වාරණ නියෝගය අවලංගු කිරීමට තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *