මෛත්‍රීගේ පෙත්සම් විභාගය අවසන් වෙයි

රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කර තිබෙන සමාව, බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කර තිබේ.

ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

එස්.තුරෛරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදුකර තිබිණි.

සියලු පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ වාචික දේශන ඉදිරිපත් කිරිම  අවසන් කර ඇති අතර, ලිඛිත දේශන තිබේ නම් ඒවා අගෝස්තු මස 25 වනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *