මේ පුද්ගලයා ගැන තොරතුරක් දන්නවා නම් වහාම CIDයට දැනුම් දෙන්න

මාතර දිස්ත්‍රික් සමූපකාර බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමූපකාර සමිතිය ආශ්‍රිතව සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවක විමර්ශනවලට අදාළව අවශ්‍යව සිටින 58 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මහජන සහය පතයි.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇතත්, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පොලිසිය පවසයි.
සැකකරුගේ අනන්‍යතාව සහ විස්තර:
නම: චන්දන සිරිසේන පිලාන ගොඩකන්ද
වයස: අවුරුදු 58
ජාතික හැඳුනුම්පත් අංකය: 683140627V
ලියාපදිංචි ලිපිනය: අංක 57/5, ශ්‍රී සරණංකර පාර, වැලිවත්ත, ගාල්ල
මෙම සැකකරු සිටින ස්ථානයක් හෝ ඔහු පිළිබඳ කිසියම් හෝ නිවැරදි තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි:
📞 ස්ථානාධිපති (මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය): 071-8594910
📞 කොට්ඨාස ප්‍රධාන කාර්යාලය: 011-2444172




