“අලුතින් හිතමු නැගිටමු” යන තේමාව යටතේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් සහ ආසන සංවිධායවරුන්ගේ හමුවක් අද කොළඹදි පැවැත් පැවැත්වීය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී සභාව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,
“හැම තැනකින්ම ඇසෙන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන්නයි කියන දැවැන්ත බලාපොරොත්තුව, අපේ ජයග්‍රහණය එකමුතුවී ලබා ගන්න ජයග්‍රහණයක් මිසක් ඩීල් දාලා ලබාගන්න ජයග්‍රහණයක් නොවෙයි, පසුබෑමක් සිදුවුණා වගේම පරාජයක් සිදුවුණා, අපි වැරදි හදාගෙන ඉදිරියට යමු….මේ පක්ෂය තති පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සින්නක්කර ලියලා දීලා නෑ”
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ නායකයින් රැසක් සහභාගී වී සිටි අතර එම හමුව ඇමතූ පාඨලී චම්පික මහතා පවසා සිටියේ,
“නව රජය පෙබරවාරි 15 වන විට රැකියා ලක්ෂයක් දෙනවා, 54,000ක් උපාධි ධාරීන්ට පත්වීම් දෙනවා, 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ 7ක් අලුතින් ලබා දුන්නා. මම ඒ ආණ්ඩුවේ ඉන්නකොට රැකියා 4,000ක් දුන්නා, නමුත් යහපාලන ආණ්ඩුවට අවුරුදු 5ක් ඇතුළත රස්සා 100ක් දෙන්න බැරි වුණා. ඊට හේතුව සංවිධානයක් හදන්න අපි කටයුතු නොකිරීමයි. ඒ නිසා අපි තීරණය කර තියෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බලගතු ප්රජාතන්ත්රවාදී සංධානයකින් මීළග මැතිවරණයට ඉදිරිපත් වෙන්න”