ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්රියංක ප්රනාන්දු මහතා යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරල් ප්රධාන මාණ්ඩලික ලෙසට පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා ඊයේ (18) දිනයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මේජර් ජෙනරල් ප්රියංක ප්රනාන්දු මහතාට එම තනතුර හිමි වූයේ මීට ප්රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරල් ප්රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්රාම ගැනීමත් සමගයි.
මේජර් ජෙනරල් ප්රියංක ප්රනාන්දු මීට පෙර 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලැබීය.