LK reports news sinhala

“මෙවර ජනපතිවරණය ඇසිඩ් ටෙස්ට් එකක් වාගේ“ – මේජර් ජනරාල් කමල් ගුණරත්න කියයි

ආරක්ෂක ලේකම් පදවිය රටේ තවත් එක් පදවියක් පමණක් නොවන බවට හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් වර්තමානයේ සිටිනවා වැනි හමුදාපතිවරයකු පොල් පිත්තකින් කපා ගත හැකි බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ද දැනගත්තේ අන්තර්ජාලයෙන් බවට වර්තමාන හමුදාපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කමල් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේය.

රටේ වැඩිම බුද්ධි ඒකක ප්‍රමාණයක් ඇත්තේ හමුදාපතිවරයා යටතේ බවත් ඔහු යටතේ බුද්ධි නිලධාරීන් 3500ක් පමණ සිටින බවත් කී ඒ මහතා ජාතික ආරක්ෂාව නැතිව රටකට හුස්මක්වත් ගත නොහැකි බවයි.

රටේ අගමැතිවරයා ජාතික ආරක්ෂාව ගැන කිසිවක් නොදන්නා බවත් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙවර ජනපතිවරණය ලංකාවේ ඇසිඩ් ටෙස්ට් එකක් වැනි බවත් හරි කෙනා හැර වෙනත් කෙනකු තෝරාගතහොත් රටම පිච්චී යන බවත් ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *