Lk reports news sinhala

ලෝක ටෙස්ට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් සමගින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(18) සමත් විය.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ජයග්‍රහණයට අඩිතාලම දැමූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 161ක සබඳතාවයක් එක් කළ අතර නායක දිමුත් කරුණාරත්න සිය 9වැනි ටෙස්ට් ශතකය ලබමින් ලකුණු 122ක් රැස් කිරීමට සමත් විය. ලහිරු තිරිමාන්න ලකුණු 64ක් ලබා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යමින් නොදැවී ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය වූ මෙය ජයග්‍රහණය කිරීමත් සමග ලකුණු 60ක්  ශ්‍රී ලංකාවට හිමිවිය. එමෙන්ම දකුණු අප්‍රිකාව සමග පැවැති අවසන් ටෙස්ට් තරග දෙකද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පිට පිටම ලබාගත් තෙවැනි ටෙස්ට් ජය මෙයයි. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අවසන් ඉනිමේ ලකුණු 100කට වඩා හඹාගොස් ජයගත් පළමු ටෙස්ට් තරගය ලෙසද මෙය ඉතිහාසයට එක්වෙයි.

(Image – cricinfo වෙබ් අඩවියෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *