මහජන ආරක්‍ෂක අමාත්‍ය රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධව මෙරට මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රයට ඉස්ලාමීය රටවල සංවිධානය විරුද්ධ වී ඇත. එම සංවිධානය වැඩිදුරටත් දන්වා ඇත්තේ මෙවන් තීරණ ගැන රජය ප‍්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රියල් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසන්නේ තමා එම තහනමට අදාළ කෙටුම්පත ඉවත්කර නොගන්නා බවයි. මෙරට ජාතික ආරක්‍ෂාව ගැන තීරණය කරන්නේ මෙරට රජය බවත්, ඊට මැදිහත්වීමට කිසිදු රටකට හිමිකමක් නැති බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.