මෙරට පර්යේෂකයන් පිරිසකගෙන් පිළිකාවට ඖෂධයක්

මෙරට පර්යේෂකයින් පිරිසක් විසින් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීමේ කටයුතු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ආරම්භ කරන්නේ 2012 වසරේදීයි. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලබන්නේ, වියළි කලාපයේ හටගන්නා ෆුල්විෆෝර්ම් ෆස්ටුඕසස් නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.

එම උත්සාහයේ ප්‍රතිපළ අත්විඳීමට ඔවුන්ට හැකි වන්නේ වසර 3 කට පසුවයි. ඒ 2015 වසරේදී ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය. ඉන් අනතුරුව එම කණ්ඩායම තම පර්යේෂණයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට සමත් වුණා.
ඒ, අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහායි.

බොහෝ ඖෂධ මගින් මිනිසාගේ සාමාන්‍ය ශෛල වලට බලපෑමක් මෙන්ම අතුරු ආබාධද ඇති කරයි. නමුත් තමන් විසින් සොයාගත් මෙම සංයෝගය මගින් සාමාන්‍ය ශෛල වලට කිසිදු බලපෑමක් නොවන බවත් එම පර්යේෂණ කණ්ඩායම අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *