දිවයින පුරා වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් මෙරට විදුලි ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටින්නේ විදුලි ඉල්ලුම වැඩි වුවත් විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීම සඳහා කටයුතු කරන බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ද නිවේදනය කර ඇත්තේ මාර්තු මස අග දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බවටයි.