නව ආසාධිතයින් 887 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 887 දෙනාගෙන් 859 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර තවත් ආසාදිතයින් 19 දෙනෙකු බන්ධනාගාර පොකුරට සම්බන්ධ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.
මීට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇති අතර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි 06 දෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයෙක්, කටාර් සහ කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊයේ දිනයේදී Covid -19 ආසාදිත මරණ 09ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.