මෙරට ඇති සියලු පොල් ඉඩම් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ

වර්ෂ 1971 අංක 46 දරණ පොල් සංවර්ධන පනත යටතේ දිවයිනේ පවතින සියලුම පොල් ඉඩම් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා සහ අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වු පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.

දිවයිනේ පවතින පොල් ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත තබා ගැනීම, ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම, පොල් ඉඩම්වල ඵලදායිතාවය නිවැරදිව අධීක්ෂණය කිරීම හා පොල් ඉඩම් සංරක්ෂණය කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරීන් මඟින් 0112 86 10 11 සහ 076 690 48 04 යන දුරකථන අංක ඔස්සේ වගා කිරීමේ මණ්ඩලයේ තොරතුරු ඒකකය ඇමතිමෙන් හෝ 1920 ක්ෂණික අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *