අලවතුගොඩ පොලිසිය විසින් විලානගම ප්‍රදේශයේ නිවසක් වැටලීමකදී මුව මස් ව්‍යංජනයක් සකස් කරමින් සිටි 17 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රෆී හමුවට ඉදිරිපත් කර රුපියල් 20,000ක දඩයක් නියම කළාය.
මුව මස් තොගය විනාශ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිවස ආසන්නයේ තේ වත්තේ සිටි මුවෙකු ඝාතනය කර නිවසේ මුව මස් තොගයක් සඟවා ඇති බවට ජනතාවගෙන් ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම සිදුකර තිබුණා. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු මුව මස් ව්‍යංජනයක් සකස් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉතිරි මුව මස් තොගය සොයා ගැනීමට නොහැකි විය. අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත උපුල් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.