මුතුරාජවෙල තෙත් භූමිය වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසිනි.
ඊයේ පැවැති කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අතර අමාත්‍ය විමල් වීරවංශ හැර සෙසු අමාත්‍යවරුන් සියලුදෙනාම ඊට එක්වුණි.
ජාත්‍යන්තර වන අලි දිනය ලබන අගෝස්තු මාසයේදී මෙරටදී සැමරීම සඳහා වූ කැබිනට් යෝජනාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විෂයභාර අමාත්‍ය සී බී රත්නායක විසිනි.
ජාත්‍යන්තර වන අලි දිනයට සමගාමීව මෙරටදී ප්‍රදර්ශනයක් සංවිධාන කිරීමට ද එහිදී තීරණය කර ඇත.