මිලියන 94ක මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන 94කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේ දී එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

යාත්‍රාවේ තිබී අයිස් කිලෝ 04යි ග්‍රෑම් 194ක්, හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 34ක් සහ හෂීස් කිලෝ 05 ග්‍රෑම් 254 තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පැවසීය.

තලෛයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *