මිනිසුන්ට ආසාධනය වෙන තවත් වෛරසයක් රුසියාවෙන් වාර්තා වේ

H5N8 නම් කුරුළු උණ වෛරසයක් පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන බවත්, ඒ පිළිඹදව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට රුසියාවේ කුකුළු කම්හලක කම්කරුවන් 7 දෙනෙකුට H5N8 වෛසරය ආසාදනය වී ඇති බවට වාර්තා වන අතර, රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල්හි H5N8 වෛරසය පිළිබඳව ඉතා මෑත කාලයකදී වාර්තා වී තිබුණු නමුත්, මෙම වෛසරය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව රුසියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රුසියාව පවසන්නේ වෛරසය ආසාදනය වූ කුකුළු කම්හලේ පුද්ගයින් හත් දෙනා මේ වන විට සුවය ලබමින් සිටි අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *