මිනිස් පරිභෝජනයට නුසුදුසු යයි තහවුරු වූ සහල් සුපිරි වෙළඳසැලක අලෙවියට…

බේරුවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සීල් තැබූ බේරුවල සහ දර්ගා නගරයේ සහල් ගබඩා වල මුද්‍රා තැබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොග සම්බන්ධයෙන් ලැබුණු රස පරීක්ෂක වාර්තා මිනිස් පරිභෝජන නුසුදුසු බව සනාථ කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහබාහු මහතා පැවසීය.

ඒ අනුව එම සහල් තොග අධිකරණ නියෝගයෙන් පසු බැරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සුදුසු ස්ථානයකදි විනාශ කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

ඒ අනුව මිනිස් හා සත්ව පරිභෝජනයට නුසුදුසුඑම සහල් තොගය ගබඩා කර ඉන් කොටසක් අලෙවිකර තිබෙන සැකකාර ව්‍යාපාරිකයාට හා ඊට සම්බන්ධ බව කියන පාර්ශ්වයන් එළඹෙන සදුදා (10)දින කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

එම සහල් තොගයෙන් කිලෝග්‍රෑම් දෙදහස් පන්සීයක්කිලෝග්‍රෑම් 25 බැගින් වූ සහල් බෑග් සියයක් දර්ගා නගරයේ අඹගහ හන්දිය ප්‍රදේශයේ පුද්ගලික සුපිරි වෙළඳසැලකට අලෙවි කර ඇති අතර එම සහල් තොගය සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යනවිටත් ඉන් කිලෝ 1750 ක් අලෙවි කර ඇති බවත් එම තොගයෙන් ඉතිරිව තිබූ සහල් කිලෝ 750ක ප්‍රමාණය එම වෙළඳසැලේ ගබඩාවකමුද්‍රා තබා සම්පත් පරීක්ෂාවකට යොමු කර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි වරයා පැවසීය. එම සහල් තොගයේ කිලෝ ග්‍රෑම් 25 බෑග් බැගින් අලෙවි කර ඇති බව කිහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *