මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්රාවක් 24 දින දහවල් පෙරළි යාමෙන් එහි ගමන් කල පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්රාවේ ගමන් කල ඉතිරි කතෝලික පියතුමේකු ඇතුළු පසු දෙනෙකු බේරා ගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ කලපුවේ ගිලි අතුරුදහන්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ පදිංචිව සිටි රනිල් ප්රනාන්දු (50) හැවිරිදි පියකු හා නෙත්මි ප්රනාන්දු නැමති ( 20) හැවිරිදි දියණීයක් බව කියයි.
කලපුවේ ගිලි අතුරුදහන්ව ඇති පියා හා දියණිය සමග පවුලේ සාමාජීකයින් පිරිස හිතවත් පුජකවරයකු සමග දහවල් 12.45 ට පමන මෙම පිරිස පදිංචි මුන්නක්කරේ පිහිටි නිවස ආසන්නයෙන් ධිවර යාත්රාවේ නැගි ගමන් කරමින් සිටියදී සිරිවර්ධන පුර ආසන්නයෙ කලපුවේ යාත්රාව පෙරළි ගොස් අනතුරට ලක්ව ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්රාවේ එකම පවුලේ සාමාජීකයින් පිරිස ගමන් කර ඇති බවත් එහි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවිමත් සමග අවට සිටි යාත්රාවල පිරිස් මෙම අනතුරට ලක්වු පිරිසෙන් පුජකවරයා ඇතුළු පස් දෙනෙකු බේරා ගැනිමට සමත් වුවත් පියා හා දියණීය දියෙ ගිලි අතුරුදහන් ව ඇති බව කියයි.
දියෙ ගිලි බරපතල තත්වයෙ සිටි මෙම යාත්රාවේ ගමන් කරමින් සිටි තවත් දෙදෙනෙකු මිගමුව මහ රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
මෙම පිරිස මුන්නක්කරයෙ පදිංචි ධීවරයින් බවද විදේශ රටක සිට පැමිණි කතෝලික පියතුමේකු හා ඔහුගේ ඥාතින් පිරිසක් මෙලෙස ඉස්සන් බෝට්ටුව නමින් ප්රකට කුඩා යාත්රාවක නැගි ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අතුරුදහන්වු දියණිය හා පියාගේ සිරුරු සොයා මිගමුව කලපුවේ යාත්රා යොදා ගනිමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව මිගමුව මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක දිනේෂ් තල්වත්ත මහතා පවසයි.