ක්වාලාලම්පූර් ප්‍රාන්තයේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මැලේසියානු පොලීසියට භාර වී ඇති බව මැලේසියානු මාධ්‍ය ඊයේ (26) වාර්තා කළේය.
මැලේසියානු පොලිසිය පසුගිය සිකුරාදා (22) සෙන්තුල්, පහළ කෝවිල් ගම්මානයේ පර්හෙන්ටියන් වීදියේ කඩ සාප්පුවක තිබී අත්පා බැඳ, හිස් ප්ලාස්ටික් බෑග්වලින් වසා දමා තිබූ තිදෙනෙකුගේ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබියදී සොයා ගන්නා ලදී.
එම වෙළෙඳසල අඹු සැමි යුවලකට අයත් එකක් බව අනාවරණය විය.
මියගිය අය අතර අඹුසැමියන්ගේ පුත්‍රයා ද වේ. මියගිය අනෙක් දෙදෙනා එම පරිශ්‍රයේ කාමරයක් කුලියට ගත් කුලී නිවැසියන් බව වාර්තා වේ. ඔවුන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර විය.
පසුව පොලිසිය අනාවරණ කළේ සාප්පුවේ දෙවන මහලේ අඹුසැමියන් සිටින ස්ථානයේ නවාතැන් ගෙන සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනෙකු සොයමින් සිටින බවයි.
ආයතනයෙන් කෑගැසීම් ඇසී අසල්වාසීන් මෙම ඝාතන පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid උපුටා දක්වමින් 40 හැවිරිදි යුවළ සහ ඔවුන්ගේ පුත්‍රයා ක්ලැන්ග් ප්‍රදේශයේ යැයි කියනු ලබන සැකකරුවන් මාස හයක් තිස්සේ හඳුනන බව පැවසීය. ඔවුන් දෙදෙනා දින දෙකක් තම නිවසේ නැවතී සිට ඇත.