මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අසලදී ඊයේ (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන්නේ, මියගිය දරුවාගේ පියා වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්රධාන සැකකරුවෙකු බවය.
ඊයේ පස්වරු 3.30ත් – 4.00ත් අතර වෙඩිතැබීමක් සිදුව තිබුණි.
වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව තිබුණේ නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙකි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවාද ත්රී රෝද රථයේ ගමන් කරමින් සිට තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අධිකරණය අසලදී ත්රී රෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් ඇත.
වෙඩික්කරු ගේ ඉලක්කය බවට පත්ව තිබූ පිරිමි පුද්ගලයා සහ ඔහුගේ වයස අවුරුදු 06ක පමණ ගැහැණු දරුවා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ පසූවු කුඩා දරුවා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබේ.