මාස දෙකකින් ලාෆ් ගෑස් වෙලදපලට නොපැමිණි හේතුවෙන් පාරිභෝගිකයෝ අපහසුතාවයට …

මාස දෙකකට ආසන්න කාලයක් වෙළෙඳපොළට ලාෆ් ගෑස් නිකුත් නොකිරීම නිසා එම පාරිභෝගිකයෝ මහත් අපහසුතාවට පත්ව සිටිති.

මෙරට ගෑස් වෙළෙඳපොළෙන් සියයට 25ක හිමිකාරීත්වයක් ලබා සිටින ලාෆ් ගෑස් සමාගම පවසන්නේ තමුනට ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට බැංකු මගින් ඇමෙරිකානු ඩොලර් ලබා නොදෙන බවය.

මේ වනවිට ලාෆ් සමාගම ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4200ක් දක්වා ඉහළ දමා ඇත.

මෙම තත්ත්වය මත රජය මැදිහත්වී මෙම ගැටලුව විසදීමට වහාම කටයුතු කරන ලෙස ලාෆ් ගෑස් පාරිභෝගික ජනතාව ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *