මාස එක හමාරකට අක්ෂි කාච තියනවා – අමාත්‍ය කෙහෙළිය

ඉදිරි මාස එක හමාරක කාලය සඳහා ප්‍රමාණවත් අක්ෂි කාච සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නව අක්ෂි කාච මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද මේ වන විට ගෙන ඇති බවය.

වෛද්‍ය සැපයුම් අංශය සතුව අක්ෂි කාච නොමැති බවට පසුගිය දිනවල මාධ්‍ය මඟින් විවිධ ප්‍රචාරයන් සිදුවුණි.

එහෙත් එවැනි තත්ත්වයක් නොමැති අතර වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියේ ඇතිවූ අඩුපාඩුවක් මත තොග අවසන් වී ඇති බවට සඳහන් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර පවතින අක්ෂි කාච තොග ප්‍රමාණවත් පරිදි කළමනාකරණය කිරීමට රෝහල්වලට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේය.

මේ අතර කහ උණ සඳහා ලබාදෙන එන්නත් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ගෙනඒමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කහ උණ සඳහා ලබාදෙන එන්නත් ලබාගැනීමට සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් එම එන්නත් හිඟයක් නිර්මාණය වී ඇති බවය.

කෙසේවෙතත් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා කර කඩිනමින් එන්නත් තොගයක් ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *