රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් ඊයේ දිනයේත් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඉන් මරණ 8ක් යතුරුපැදිවල ගමන් කළ අය වේ.
ත්‍රීරෝද රථයක ගමන් කළ එක් අයෙකු ද ඊයේ රිය අනතුරුවලින් සිදුවූ මරණවලට අයත්ය.
යතුරුපැදිකරුවන් නිරන්තරයෙන් මාර්ග අනතුරුවල වින්දිතයින් බවට පත්වන ප්‍රවණතාවයක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
යතුරුපැදිකරුවන් එලෙස රිය අනතුරුවලට ලක්වූවත් බොහෝවිට එවැනි අනතුරුවල චූදිතයින් බවට පත්වන්නේ බරවාහනවල රියදුරන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව මාර්ග අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද