LK reports news sinhala

මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිර්දේශ වලට රජයෙන් ප්‍රතිචාර

මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට ප්‍රරතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා රජය අද (27) ඇය වෙත වාර්තාවක් යැවීමට කටයුතු කරන බවට වාර්තා වේ.

මිචෙලි බැෂලේ සහය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහ ගෙනඒමට යෝජිත නව ජිනීවා යෝජනාවට කිසිසේත් එකග නොවන බවත්, මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම නිර්දේශ මුළුමනින්ම කොටි ඩයස්පෝරාවේ නිර්දේශ බවත් රජය පෙන්වා දෙයි.

පිටු 17 කින් යුත් ඇයගේ නිර්දේශ මාර්තු 18 දා ප‍්‍රකාශයට පත් වීමට නියමිතව ඇති අතර එය පසුගිය සෙනසුරාදා (23) කොටි ඩයස්පෝරාවට ලැබී ඇත. පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව වැඩි කිරීම, මුස්ලිම් මෘතදේහ වළ දැමීමට ඉඩ නොදීම යන චෝදනාද මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාවට එල්ල කර තිබේ.

මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවේ තවදුරටත් දන්වා ඇත්තේ මෙරට යුද හමුදාවට සහ පොලිසියට විදේශ පුහුණුවීම් ලබානොදිය යුතු බවත්, ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට සහ සර්ව ලෝක අධිකරණයට යොමු කළ යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *