මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි: ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රී ලංකාවේ චාටර්ඩ් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කරන්නේ නම්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද කථානායකවරයා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *