මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අඟහරුවාදා (10) දින දක්වා පාසල් වසා තැබීමට මාතර අධ්‍යාපන කලාපයේ අධ්යක්ෂවරයා තීරණය කර තිබේ.
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනවල වසා තැබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් බ්‍රහස්පතින්දා (5) සහ සිකුරාදා (06) වසා දැමීමට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව මීට පෙර තීරණය කළේය.