මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ 67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය.
නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන් සමඟ එක්ව සිදුකළ සොයාබැලීමක දී මෙහෙකාරියන් භාවිත කරන නානකාමරය තුළ හා වැසිකිළිය තුළ තිබී ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
නිවස වැඩිදුර පරීක්ෂා කිරීමේ දී අල්මාරියක් තුළ තිබූ රත්‍රං නොවන වළලු 12ක්, මාල 2ක්, රන් පැහැති හැඳි 1ක් සහ විදේශ මුදල් කාසි 39ක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාතර පොලීසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තුඩාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අදාළ දේපළ සොයාගත් බව පොලීසිය පවසයි.
මේ අතර කටාන පොලිස් වසමේ කඳවල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක සේවයක කළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.