මළගෙදරකට සහභාගී වූ 48 දෙනෙකුට කොවිඩ්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී 48දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වන ඉරිදා දින කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අවමඟුල සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *