ගම්මන්පිල

මහ බැංකුවේ තටු කපන්න යයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ  හංස අබේරත්න මහතාට ඊයේ(13) බාර දුන්නේය.

මෙම පනත ඉදිරිපත් කෙරෙන්නේ 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධනය කිරීම සඳහාය.

මහ බැංකුවේ  නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සහ එම බැංකුවේ වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහකාර මහලේකම්  නීතිඥ  හංස අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ජාතික වැදගත් කමක් සේ සලකා මෙම පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ මතය විමසීමට ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *