මහියංගනය උළු කර්මාන්ත ශාලාවත් යළි පණ ලබයි

මීට වසර දෙක හමාරක පෙර සිට වසා දමා තිබූ මහියංගන උළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එම කර්මාන්ත ශාලාවෙහි උළු, ගඩොල් හා ටයිල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගණ උළු කර්මාන්ත ශාලාවේ දිනකට උළු 17,500ක් නිපදවීමේ ධාරිතාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහිත යන්ත්‍රසූත්‍ර තිබී ඇති අතර, 250කට අධික සේවක පිරිසක්ද සේවය කළ බවටත් වාර්තා වේ.

විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේ වසා දමා ඇති සියළුම කර්මාන්ත ශාලා ඉදිරියේදී විවෘත කිරීම රජයේ අරමුණ බවයි. මීට අමතරව මේ වන විට වසා දමා ඇති ඔඩ්ඩුසුඩාන් පිඟන් නිෂ්පාදන කර්මාන්තායතනයද යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

Image may contain: 4 people, people standing and indoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: 6 people, people standingImage may contain: 6 people, people standingImage may contain: 4 people, people standingImage may contain: 4 people, people standing and outdoorImage may contain: 1 person, outdoorImage may contain: house, sky, grass, tree, bridge, outdoor and nature

Leave a Reply

Your email address will not be published. Required fields are marked *