මාසක් ඇතුළත බන්ධනාගාර වලින් දුරකතන 1,102ක්

ඉකුත් සති 4ක කාලය ඇතුළත බන්ධනාගාර 28කදී සිදුකළ වැටලීම්වලින් දුරකතන 1,102ක් සිරකුටිවල සඟවා තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සිම්පත් 688ක්ද, ජංගම දුරකතන බැටරි 1,310ක් ද හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.

මෙම භාණ්ඩ හා ද්‍රව්‍ය කොළඹ රක්ෂිත බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ, බූස්ස, මීගමුව, ගාල්ල සහ දුම්බර යන බන්ධනාගාර ද ඇතුළුව දිවයින පුරා බන්ධනාගාරවල සිදු කළ වැටලීම් වලින් සොයාගෙන ඇත.

ඉන් ජංගම දුරකතන 277ක් සහ සිම්පත් 132ක් මීගමුව බන්ධනාගාරයෙන්ද, ජංගම දුරකතන 203ක් කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන්ද හමුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *