මහින්ද අමරවීරගෙන් ආණ්ඩුවට සිහිකැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන ඕනෑම අවස්ථාවක පොදුජන පෙරමුණේ විශාල මන්ත්‍රී කණ්ඩායමක්ද ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට එක් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදි රැස්වුණි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමේ සුදානමක් පවතින බව කියනවා මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව. මොකද්ද ඒ ඇත්තටම තත්ත්වේ ?

“ඒ පිළිබඳව සාකච්ඡා වුණේ නෑ. පක්ෂය තීන්දු කරන ඕනෑම මොහොතක අපි අපේ අමාත්‍යධූරවලින් අයින් වීමට කිසිම බාධාවක් නෑ. අපි ඒකට එකඟත්වය ලබාදීලා තියෙනවා.”

ප්‍රශ්නය – පොදුජන පෙරමුණින් විවේචන ගණනාවක් එල්ල වුණා. ඒකම ද ප්‍රධාන හේතුව නැත්නම් තවත් කෙනෙහෙළිකම් වෙනවා ද?

“මෙහෙමනේ අපිට නෙමෙයි නේ පළමුවෙනියට පටන් ගත්තේ. විමල්ලා වාසුලා ගම්මන්පිලලා ඒ කණ්ඩායම මං හිතන්නේ එතැන මන්ත්‍රීවරු 17ක් 18ක් ඉන්නවා. ඒ කට්ටියට මුලින්ම කිව්වා යන්න කියලා. ඊළඟට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බැලුවොත් දැන් 30 ගාණකට යන්න කියලා තියෙන්නේ. ජනාධිපතිතුමා දුර්වල කිරිමේ කුමන්ත්‍රණය ක් මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ 30 ගාන යද්දි අනිවාර්යෙන්ම ඔය පොහොට්ටුවේ ඉන්න අය කට්ටියකුත් එන බව රටම දන්නවා නේ. ඒ අය බොහෝම කලකිරීමෙන් ඉන්නේ. එතකොට 50ක් 60ක් යනකොට ජනාධිපතිතුමාට තුනෙන් දෙක තියා සරල බහුතරයවත් නැතිවෙනවා. ඒක කරගන්න ඕන කට්ටියක් ඉන්නවා. ඒ අයගේ වෙන අරමුණු තියෙන්න පුළුවන්.”

ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ ඔබතුමාලා එක්ක පොහොට්ටුවේ තවත් කණ්ඩායමක් පැමිණීමට සුදානමක් තියෙනවා ද?

“යන දවසට බලන්න පුළුවන් කොච්චර ද එළියට බහින්නේ කියලා. නිකන්ම 14 දෙනෙක් නෙමෙයි එනවා නම්.”

ප්‍රශ්නය – එස්.එම් චන්ද්‍රෙස්න ඇමතිවරයා චෝදනා කළා ඔබතුමාලා කැබිනට් රැස්වීමේ දී කතා කරන්නේ නැහැ, අනිත් පක්ෂ නායක රැස්වීම්වලදී කතා කරන්නේ නැහැ. එළියේ ගිහිල්ලා විවේචනය කරනවා කියලා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“මොළයේ ප්‍රමාණයට අනුව තමයි සාමාන්‍යයෙන් සමහරු කතා කරන්නේ. අපොස සාමාන්‍ය පෙළ අසමත් වුණාම තියෙන ප්‍රශ්නය තමා ඕක. එච්චරයි මට කියන්න තියෙන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා ඉදිරියේ දී වෙනම තරග කරනවා ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා,

“එහෙම තරග කරන්න මොකක්වත් නෑනේ. මැතිවරණයක් නෑ මුකුත්. පේන කෙන් මානයක නෑ.”

ප්‍රශ්නය – යහපාලන ආණ්ඩුවෙන් තමයි මැතිවරණ සිතියම හකුළලා දැම්මේ කියලා තමයි ආණ්ඩුව කියන්නේ.

“මැතිවරණ සිතියම හැකිළුවේ ජේ.ආර් ජයවර්ධන. එයා කියලමයි ඒක හැකිළුවේ. ඔක්කෝම යහපාලනයට කුණූ දාන්න එපා. යහපාලනය තරම් වැඩ කරපු ආණ්ඩුවක් ගැන කියන්න වෙනම සෙමිනා එකක් තියන්න ඔයගොල්ලෝ යහපාලනය කරපු ඒවා කියන්න. මම මේ රටට ප්‍රජාන්ත්‍රවාදය දුන්න මිනිහෙක්. 19 වන සංශෝධනයෙන්. ලෝකේ කොයි නායකයා ද තමන් බලයට පත්වුණාම තමන්ගේ බලය ඉවත්කරලා තියෙන්නේ. අන්න එවත් අහන්නකෝ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා පිළිගන්නවා ද 20 කියන එක වැදි ඔබතුමන්ලාගේ කණ්ඩායම අත උස්සපු එක වැදියි කියලා.

“මම ඡන්දේ දුන්නේ නෑනේ.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *