සරත් – සරත් මත ගැටුමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

මේ අතර මහාවංශයේ හය වන වෙළුමෙහි හතරවන ඊළාම් යුද්ධය ගැන ලියා ඇති සටහන් පිළිබඳ සැහිමකට පත් නොවන බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

“මට කතාකරලා සෙබලු කිහිපදෙනෙක් කියනවා හැමදාම අඹ කරියක් දෙනවලු වේල් දෙකටම. හාල්මැස්සෝ කීරමින් දෙනවාලු. කැකිරි හැමදාම දෙනවාලු. බීට්රූට්, බෝංචි දකින්නවත් නැහැලු. කුකුල් මස් දෙන්නේ සතියට එකපාරයිලු. කුකුළු මස් සතියකට එකපාරක් කාලා යුද්ධ කරන්න වෙන්නේ නැහැ.. නිදාගන්න වෙන්නේ. හමුදාපතිට දොස් කියන්න බෑ. ආරක්ෂක ලේකම්ට දොස් කියන්න බැහැ. මුදල් අමාත්‍යංශයට තමයි දොස් කියන්න ඕන.”

“නායකතුමා මට කිව්වා SJB රජයක ඔබතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමති කියලා. SJB රජයක් අනිවාර්යයෙන් එනවා. මම අනිවාර්යෙන් ආරක්ෂක ඇමති වෙනවා. අපේ රජයකදී පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණය කරනවා.” 

“මහජන ආරක්ෂක ඇමතිගේ මූණටම කියන්න ඕන, ‍මේ කාලයේ අපි දකිනවා අත්අඩංගුවට ගන්න අය අතන මෙතන වෙඩි තිබ්බා කියනවා. ඒක නින්දිත ක්‍රියාවක්. ඒවා නවත්තන්න.”

මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා,

“මම දැනගෙන හිටියේ නෑ සරත් ෆොන්සේකා කියන්නේ ටින්කරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා. සන්ෂයින් සුද්දව මැරුවා. මංකොල්ලා 11ක් කළ අයෙක්. ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ගන්න නොකිව්ව ෆොන්සේකා ඝාතනය කළාම දුක් වෙන්න හදනවා. සගවාගත් ආයුධ ගෙනියන්න යද්දියි ඝාතනය වුණේ. අහන් ඉන්න බැරිද?”

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

“මහාවංශයේ 6 වැනි වෙළුම. මේකෙ ලියලා තියෙනවා 4 වැනි ඊළාම් යුද්ධය ගැන. ශවේන්ද්‍රගේ නම සඳහන් වෙලා තියෙන්නේ පිටු 71කම දෙපාරයි. ශවේන්ද්‍රට පස් බැම්මක් හම්බුණා කියලා තියෙනවා. අහගෙන ඉන්නකොට හිනා යනවා ඇති. කමල් ගුණරත්නගේ නම තියෙන්නේ එක තැනකයි. මේකට විරුද්ධව අලුත් සටනක් කරන්න වෙනවා. අනාගත පරම්පරාවට සුරංගනා කතාවක් කියන්න නොදී මහාවංශය විහිලුවක් නොකර, මේක ගැන අඩුම ගානේ මං පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා පිටු 750ක.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *