දින 20කට අධික කාලයක් ආබාධිත රණවිරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අද(30) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිගොස් සාකච්ඡා කිරීමෙන් පසු අවසන් කෙරිණි.
එහි මාරාන්තික උපවාසයක නිරතව සිටි යූ.ඩී.වසන්ත රණවිරුවාට මහින්ද රාජපක්ෂ මහතා අතින් තැඹිලි වීදුරුවක් ලබා දීමෙන් පසු උපවාසය අවසන් කෙරිණි.
අද විපක්ෂ නායකවරයා එහි පැමිණීමට පෙර එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එහි පැමිණ ඔවුන්ගේ ගැටළුවට විසදුම් ලබාදීමට සාකච්ඡා කරන බවට පොරොන්දු විය.
(Image – Neth News)