මහින්දගේ උපන්දින සැමරුම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක් ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (17) පැවැත්වුණි.

එහිදී ගැබිනි මව්වරුන් 420දෙනෙකුට දිවා ආහාරය හා ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රු 5,000ක මුල්‍ය ආධාරයක් ලබාදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

එම අවස්ථාවට  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු රැසක් සහභාගී වුහ.

මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ පැමිණි ගැබිනි මව්වරුන්ට ආශිර්වාද කළහ.

මේ අතර එම අවස්ථාව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට අවස්ථාව හිමිව නොතිබුණු අතර, ඒ පිළිබඳව පිංකමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී ඔහු පවසා සිටියේ, තමන් ඒ බව නොදන්නා බවත් වෙනත් අයෙක් සංවිධානය කළ පිංකමකට තමන් ආරාධනා ලැබුණු බවත්ය.

මාධ්‍යවේදීන් – මහමැතිවරණය ද ? ජනාධිපතිවරණය ද ?  එන්නේ…

මහින්ද – “ඒක මං දන්නේ නෑ. මොකා ආවත් අපි දිනනවා.” 

මාධ්‍යවේදීන් -දැන් කොහොමද සුදානම ?

මහින්ද – “හොඳට සුදානම්.”

මාධ්‍යවේදීන් -පක්ෂයෙන් නායකයෙක් දානවා ද? අපිට ඉඟියක් දෙන්න පුළුවන් ද?

මහින්ද – “බලමු. ඒක කිව්වහම එළියට එනවා නේ.”

අයවැයෙන් ඔබතුමා ඉන්න කාලේ වගේ කිසිම දෙයක් නෑනේ.

මහින්ද – “අපිව එපැයි කිව්වා. දැන් අලුත් කට්ටියක් ඇවිත් ඉන්නවා අපි බලමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *