පසුගිය දින පහ තුළ අතුරුදන් වූ බව කියන මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ තරුණයා පසුගිය සිකුරාදා (07) සිට අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී දැරිය සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ඔහු පැවසීය.
අතුරුදන් වූ දරුවා 5’3” උසකින් යුක්ත වන අතර ඇය නේහා කෞමදී හේරත් ලෙස හඳුනාගෙන ඇත. අතුරුදන් වූ දිනයේ ඇය කොළ පැහැති ටී ෂර්ටයකින් සහ කළු කලිසමකින් සැරසී සිට ඇති බව සඳහන්.
අතුරුදන් වූ දැරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක 071 859 1645 / 0112 850222 / 0112 850 700 අමතා පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.